අයදුම්පත්
-
ආදිවාසී ජනතාවගෙන් ඖෂධ මිළදී ගැනීම
ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දේශිය ඔසු ගොවියන් නගාසිටුවිමේ අරමුණින් ආරම්භ කරන ලද ඖෂධ මිල දි ගැනිමේ වැඩ පිලිවෙල සම්බන්ධයෙන් දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සමග සාකච්ඡා කර මුල් අදියරයේ දි මහියංගනයේ දඹානයේ දි ඖෂධ මිල දි ගැනිමට තිරණය කරන ලදි.
මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබුවේ දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගේ වැඩිමහල් පුත් ගුණබන්ඩියලැත්තන් විසිනි.
ඒ අනුව, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝගේ සහභාගිත්වයෙන් මහියංගනයේ දඹානයේ දි ඖෂධ මිල දි ගැනිම සිදු විය. එම මිල දි ගැනිමේ අවස්ථාවට සහභාගි වු කළමණාකාර අධ්‍යක්ෂක, අලෙවි කළමණාකරු, ප්‍රධාන වෛද්‍ය නිළධාරිණි(වැ.බ), මුදල් කළමණාකරු, කෘෂි නිළධාරි ඇතුළු පිරිස සහභාගි වු අවස්ථාවේ ඡායාරුප කිහිපයක්
33,239 Visitor Count
බාගතකරන්න -
ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිපද වු තවත් සුවිශේෂ නිෂ්පාදන 03
“සුව ධරණි” ප්‍රතිශක්ති පානය ඇතුළු කොවිඩ් වලින් ආරක්ෂා විම සදහා ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිපද වු තවත් සුවිශේෂ නිෂ්පාදන 03ක්,
01. ප්‍රතිශක්ති වර්ධක කසාය පේයාව (ගුඩුච්ඡාදි කසාය)
02. කවලග්රහය – මුඛය සහ උගුර සේදිම සදහා සුදුසුයි.
03. කොවිඩ් 19 ධුමායනය – ගේ දොර විෂ බිඡ හරනය සදහා සුදුසු වේ.
ගරු දේශිය වෙදකම් ප්‍රවර්ධනය, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමාට 2020.10.14 දින පිළිගැන්වු අවස්ථාව,
මේ සදහා, ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනිය, නීතිඥ සාගලා අභයවික්‍රම මැතිණිය, අලෙවි කළමණාකරුවන් වන බර්නාඩ් කාරියවසම් මහතා හා දිනුෂ ධනංඡ මහතා සහභාගි විය.
5,364 Visitor Count
බාගතකරන්න